දිවි නැගුම පනතේ ඇතැම් වගන්ති පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටගැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරිමත්, ඉන්පසු අගවිනිසුරුවරියට එරෙහිව පාලක පක්ෂ සන්ධානය විසින් දෝෂාභියෝගයක් ගෙන ඒමත් කිතුනු විශ්වාසය අනුව දැකිය හැක්කේ දේව කැමැත්තට අනුකුල හෙවත් ධර්මානුකුල පාලන තන්ත‍්‍රයක් වෙනුවට දේව කැමැත්තට පටහැනි අධිපතිවාදි පාලන තන්ත‍්‍රය තව තවත් ස්ථාපිත කරගැනිමේ ප‍්‍රයන්තයේ කොටසක් වශයෙනි.
අධිකරණය හා ව්‍යවස්ථාදායක අතර පවත්නා වත්මන් තත්ත්වය  පිළිබඳ විශේෂ රැස්වීමක් අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සවස කැඳැවා තිබුනා.
පාර්ලිමේන්තුවට විධානයක් කිරීමට සමත් කිසිම බාහිර ආයතනයක් නැති බවට කතානායක චමල් රාජපක්ෂ පසුගිය 29 වැනිදා සවස පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශය නිසා ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර දැනට පවතින ගැටුම තවදුරටත් සංකීර්ණවීමේ තත්ත්වයක් උද්ගතවනු ඇතැයි නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ මතය වී ඇත.

ත්‍රස්තවාදි කල්ලියකට බෝම්බ සැදීමට උදව් කළ සාමාජිකයෙකු ද දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමට ආණ්ඩුව විසින් පත් කළ කමිටුවේ සිටින්නේ දැයි ජනතාව අසන බව මව්බිම ජනතා පෙරමුණේ නායක හේමකුමාර නානායක්කාර මහතා පවසයි. කොළඹදී 25දා ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබු මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවේය.

පළාත් සභා පිහිටැවීම සඳහා ඉන්දියා රජයේද අනුග‍්‍රහය ලබද්දී එදා පූස් පැටවකු සේ සිටි විමල් වීරවංශ ඇමැති අද වීරයකු සේ පළාත් සභා එපා යැයි කෑ ගැසීම විහිළුවක් බව මධ්‍යම පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රී උදිත් අනුරාධ මහතා පවසයි.

පසුගිය ඔකතෝබර් මාසයේ දිවයිනට පැමිණි කැමරන් ජාතිකයෙකු ඒඩ්ස් රෝගයෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
විවේචනාත්මක විශ්ලේෂණයක්
සමහර උසස් තනතුරු දරන්නන් වැරදි කරන අවස්ථාවලදී එම තනතුරුවලින් පහකිරීම සඳහා යොදා ගැනෙන දෝෂාභියෝග ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ නීතිගත කර තිබෙන වැරදි හා අවලස්සන ස්වභාවය මෙතෙක් විවේචනාත්මක විග‍්‍රහයකට හසුකොට නැති විෂය ක්ෂේත‍්‍රයක් ලෙස සැලකිය හැකිය.


බොදුබලසේනා සංවිධානය විසින්  හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළයුතු යැයි ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මමද ඒ ගැන අභියෝගයක් කරන්නට තීරණය කළෙමි. එනම් “පුළුවන් නම් මෙය ක්‍රියාත්මක කර පෙන්වන ලෙසයි” මෙය ක්‍රියාත්මක වුවහොත් ඉන් අනිටු පලවිපාක ලබන්‍නේ කවුද? යන්න එවිට තහවුරු වනු ඇත.

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන විපක්ෂයේ විරෝධය 2013 ජනවාරි මාසයේ සිට මහපාරට බැස රට පුරා සටන්කිරීමට තීරණයකොට ඇති බව කොළඹ නව නගර ශාලාවේදී අද පැවති මහජන මන්ත්‍රණ සභාවේ සමාරම්භක සැසිවාරයේදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා සඳහන්කොට සිටියා.

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ(20) දිනයේදී සමාජ සත්කාරයකට එක්ව තිබෙනවා. ඒ දෙහි ඕවිට අල්ගම ප‍්‍රදේශයේ පුර්ණ වශයෙන් ආබාධිත වු තරුණයෙක් බැලීමට ගොස් තිබෙන අවස්ථාවකදීයි.

ලබන වසරේ සිට මෝටර් රථ ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට රජය ගත් තින්දුවට එරෙහිව බස්නාහිර පළාතේ එක්දින පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පෞද්ගලික බස් රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
නාරහේන්පිට මංසන්ධියේ බස් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් මීට ස්වල්ප මොහොතකට පෙර සොයා ගෙන තිබේ.
අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් වංචා සහගත ලෙස මුදල් රැස් කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වු බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචර සංසදය පවසයි.

‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාහට කැලණිය මැතිවරණ කොට්ඨාසය භාරදුන්නේ සුදු නෙළුම් මලක් වගේ ‍රැක ගැනිමට බව ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයා පවසයි.
1930 දශකයේ කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය අරඹා, රටේ සැමටම අධ්‍යාපනයේ අයිතිය එකසේ තහවුරු කරන්න උත්සාහ දැරුවත්, එය කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය වැනි ප්‍රධාන නගර කිහිපයකට පමණක් සීමා වුණා.

සිය දෙවන ජනාධිපතිධුරයේ විශිෂඨ ජයග්‍රහණයෙන් පසුව මියන්මාරයේ සංචාරයක යෙදිසිටින අමෙරිකානු බලවතා මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුණ ලෙස හැදින්වෙන අවුන්සාන් සුකී මහත්මිය ඉතා ආදරයෙන් වැලදගත් බව වාර්තා වේ.
2013 අයවැය විසර්ජන කෙටුම්පත දෙවැනි වර සම්මත කර ගැනීම නීතිවිරෝධී අයුරින් සිදු වු බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවා.

ශ‍්‍රී ලංකා ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවන පදවි ප‍්‍රාප්තියේ දෙවන වසර සැමරීම අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් දිවයින පුරා ආගමික උත්සව රැසක් සංවිධානය කර තිබෙනවා.

2013 වසර ස`දහා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ම`ගින් මෙරට තරුණ තරුණියන්ගේ ගැට`එ විස`දීම ස`දහා කිසි`දු වැඩ පිළිවෙලක් ස`දහන් නොකීරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීම ස`දහා සමාජවාදී තරුණ සංගමය මගින් සංවිධානය කළ අත් පත‍්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරි පිටදී පැවැත්විණ.

2012 නොවැම්බර් 16 වැනිදා  යුනිලීවර් සමාගමේ ප‍්‍රමුඛතම හිස කේ සත්කාරක නිෂ්පාදනය වන සන්සිල්ක් විසින් සංවිධානය කරනු ලබන zzSunsilk Hair ExpertsZZ වැඩමුළු මාලාවේ මේ වසරේ අවසන් වැඩමුළුව ගාල්ල කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණ.

ගොඩබිම වියළි තැන්හි ජීවත්වීම සඳහා අනුවර්තනය වූ පළමු පෘෂ්ඨවංගී සත්ත්ව කාණ්ඩය වන උරගයන්මීට වසර මිලියන 65 කට පෙර පෘථිවියේ රජ කළ සත්ත්වයෝ වෙති.

ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡුන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1945 නොවැම්බර් මස 18 වන දින විරකැටියේදී උපත ලද එතුමා අද සමරන්නේ සිය 67 වන උපන් දිනයයි.

ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්ත්මේන්තුවේ සටහන් කර ඇති ලේඛණ පිළිබඳ තොරතුරු අන්තර්ජාලයට එකතු කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට සුදානම් වෙමින් පවතින බව ජාතික ලේඛණාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

වත්මන්  අගවිනිසුරුවරිය සේවයේ යෙදී සිටියදී වැඩබලන අගවිනිසුරුවරයෙක් පත් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඉඩ කඩ නොමැති බව නිතීඥයින් පවසයි.
නොවැම්බර් මස 16 වැනිදා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදු වූ සිදුවීමකින් කම්කරුවන් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් කම්කරුවන් කිහිප දෙනකු රෝගාතුර වීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇත.
” අදහගන්ඩත් බැහැ . අපි දහම් පාසලේදී සතුටෙන් ගෙවපු කාලේ හීනයක් වගේ ”

මේ පසුගියදා වෙරෝනාහිද ී මිය ගිය ධනුක ජයමාල් ප්‍රෙෂ්ලි නම් වු රැවැති තරැණයාගේ  ඡායාරූපයකට යටින්  ඔහුගේ මිතුරියක් FaceBook  හි  ලියා තිබූ වදන් පෙළකි.  ඒමෙන්ම මේ දිනවල ඔහු  පිළිබද ශෝක සටහන්  සහා ජායාරෑප   ඔහුගේ  මිතුරු මිතුරියන්  FaceBook  හි  පළකරති.
මහින්ද රාජපක්ෂ රජයේ 8 වැනි අයවැය දෙවනවර කියවිම අද(17) සවස පාර්ලිමෙන්තුවේදි වැඩි ඡන්ද 103කින් සම්මත වුනා.

දියසේන කියන්නේ මේ මහින්ද රාජපක්‍ෂටම බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

යාල (රුහුණු) ජාතික වනෝද්‍යානය තුළ සමාගම් තුනක් විසින් නීති විරෝධී අයුරින් පවත්වා ගෙන ගිය ස්ථිර කඳවුරු බිම් ඉවත් කිරීමත් සමඟ ම ඒවා නැවත ජාතික වනෝද්‍යානය මායිමේ ස්ථාපිත කිරීමට අදාළ සමාගම් වරින් වර පියවර ගනිමින් සිටී.

ලංකාවේ ජනගහනයේ හතරෙන් එකක් ගොදුරු වී සිටින දියවැඩියාව බෝ නොවන රෝග අතර ප‍්‍රධාන රෝගයක් වී තිබෙ.