ශ්‍රී ලංකාවේ දිනකට 11 දෙනෙක් දිවි නහගන්නවා

colombo morning | 9:18 PM | 0 comments


මේ වන විට ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 11 දෙනෙක් සියදිවි නසා ගත් බවට දත්ත වාර්ත පෙන්වා දෙනවා. මෙයත් යම් තරමක වැඩි වීමක්.
වගකිවයුතු සියලු දෙනාගේම අවධානය යොමු කර මේ තත්ත්වය අවම කිරීමට කටයුතු කළ යුතුයැයි සැප්තැම්බර් 10 වෙනි දිනය නිමිත්තෙන් ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාන කාර්යංශයේදී ඊයේ (10) පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වු සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක මහතා පැවසීය.
ඔහු මෙසේ ද පැවැසීය. අපගේ ‍ගොවි ජනතාව තම වගාවන් අලෙවි කර ගැනීමට නොහැකිව සියදිවි නසාගත් කාලය අවසන්. ඒකයි ඔවුන් වදුරටත් මේ රජය කෙරෙහි වශ්වාසය පළ කර තිබෙන්නනේ.
වසර 1985 දී අප රටේ වසරකට සියදිවි නසා ගැනීම 9000ක් සිදුවී තිබෙනවා. ඒත් අද වන විට එය 4000 දක්වා අවම වි තිබෙනවා. රටේ ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාවේ එක් ප්‍රතිඵලයක් මේක. වර්තමාන රජය නිදහස් සෞඛ්‍ය සේවාව නංවන්න විශාල කාර්යභාරයක් කරගෙන යනවා. ‍විශේෂයෙන්ම ග්‍රාමීය රෝහල්වල කටයුතු නංවන්න පුළුවන් මෙහෙවරක් ක්‍රියාත්මක කරනවා.
ශ්‍රියානි විජේසිංහ-ලක්බිම

Category:

About GalleryBloggerTemplates.com:
GalleryBloggerTemplates.com is Free Blogger Templates Gallery. We provide Blogger templates for free. You can find about tutorials, blogger hacks, SEO optimization, tips and tricks here!

0 comments

Thank You
Colombo Morning News Team