හෙටත් අනිද්දාත් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 12 ක් ජලය කැපේ.

colombo morning | 4:39 PM | 0 comments


කළුගඟ ව්‍යාපෘතිය යටතේ නව ජලනළ එළීම හේත-වෙන් හෙට (8) පස්වරු 8.00 සිට පසුවදා (9)පෙරවරු 8.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප‍්‍රවහාන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව මාළිඟවත්ත පාර, පංචිකාවත්ත පාරේ කොටසක්, ශ‍්‍රී සුමනතිස්ස මාවතේ අභයසිංහාරාමය පාර හන්දියේ සිට ජේතවන පාර හන්දිය දක්වා මිරානියා වීදිය, පැරඩයිස් පෙදෙස,  ඕල්ඞ් මුවර් වීදිය, ප‍්‍රින්ස් ගේට්, එම්. ජේ. ලාෆීර් මාවත, බණ්ඩාරණායක මාවත, මහ විද්‍යාල මාවත, නිව් මුවර් වීදිය, හුසේනියා විදිය, ශාන්ත සෙබස්කතියන් වීදිය, මැසෙන්ජර් වීදිය, සාංචිආරච්චි වත්ත, මා ඕස් පටුමඟ, ඩයිල්මන් වීදිය, බෙල්මවුන්ට් වීදිය, ලෙයාර්ස් බ්‍රෝඩිවේ කොටසක් සහ ජේතවන පාර හන්දිය සිට කොස්ගස් හන්දිය දක්වා මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මෙමඟින් පාරිභෝගිකයාට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළකරන අතර, අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ද එම මණ්ඩලය ඉල්ලා සිටියි

Category:

About GalleryBloggerTemplates.com:
GalleryBloggerTemplates.com is Free Blogger Templates Gallery. We provide Blogger templates for free. You can find about tutorials, blogger hacks, SEO optimization, tips and tricks here!

0 comments

Thank You
Colombo Morning News Team