එජාපයට 66යි
Category: COLOMBO NEWS
Home � COLOMBO NEWS � එජාපයට 66යි
Category: COLOMBO NEWS
About GalleryBloggerTemplates.com:
GalleryBloggerTemplates.com is Free Blogger Templates Gallery. We provide Blogger templates for free. You can find about tutorials, blogger hacks, SEO optimization, tips and tricks here!
Related posts:
If you enjoyed this article, subscribe to receive more just like it.
Thank You
Colombo Morning News Team
"ජෙනරාල්" කවුරුන් සමඟ කොහේ කොතැනක නවතීවිද..?
එහෙත් දූෂණය ,භීෂණය, හොරකම රටේ නැති කරනු සඳහා නිර්මාණය කරමින් සිටින ජෙනාරල් සරත් ෆොන්සේකා සමඟ මේ මන්ත්රී බානට ඇති වඩේ මොකක්ද? පාලිතලා , රංග බණ්ඩාරලා සමඟ ජෙනරාල් එකව දේශ්පාලන ගමන ගමන් කරන්නේ නම් ජෙනරාල් සරත් ෆොන්සේකාත් ලංකාවේ අනෙක් දේශපාලන නායකත්වයෙන් වෙනසක් අපට දකින්නට නොහැකි වනු ඇත.මන්ද ජනතාව දැන් සොයන්නේ නිවැරදි යුක්තු ගරුක නායකත්වයක් විනා, ජනතාව ඉඟුරු දී මිරිස් ගන්නට සූදනම් වන්නේ නැත.අවසන් වශයෙන් ෆොන්සේකා මහත තේරුම් ගත යුත්ත පුද්ගලික නොවෙන බවත් ඒ නිසාම යුක්තුගරුක සාධාරණ ජනතා බලවේගයන් සමඟ පමණක් ඔහු කටයුතු කල යුතු බවය. එසේ නොවුනොත් සිදු වන්නේ තවත් එක් දේශපාලන චරිතයක් බවට පත්වීම පමණය.
ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන යුද්ධයෙන් යුද්ධ කොට ජයගැනීමට නම් ඔහු විසින් ඔහුගේ දේශපාලන හමුදාව දක්ෂතා, අවංක කැපවීම් කළ හැකි එඩිතර පුද්ගලයන් සමඟ එක්ව සටන් කළ යුතුය. එසේ නොමැතිවුවහොත් සිදුවන්නේ සටන අතරමඟ දී පාවාදෙන්නන් විසින් පක්ෂයත්, පුද්ගලයාත් පාවාදීම්වලට ලක්කිරීම හරහා විනාශකිරීමය. මේ පිළිබඳව ජෙනරාල් සරත් ෆොන්සේකා බුද්ධියෙන් මෙන්ම හදවතින්ද තේරුම් ගත යුතුය. මක්නිසාද බුද්ධියට නොතේරෙන දේ හදවතට තේරෙන බැවිනි.
පාලිත රංගේ බණ්ඩාරත්, පාලිත තෙවරප්පෙරුමත් යනු තවත් එක් දේශපාලනික පුද්ගල නාමයන් දෙකක් පමණි. එහෙත් මෙවැන්නෝ තවත් කිහිපදෙනෙක් ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ එක්ව දේශපාලනය කරනු බව දක්නට ඇත. ඔවුන් යම් දේශපාලන පක්ෂය හෝ දේශපාලන නායකයෙකුට පිළිකාවක් බඳුය. පිළිකාවක් තවදුරටත් මේ දෙවර්ගය තුල වර්ධනය වුවහොත් සිදුවන්නේ දේශපාලන මරණයට මුහුණදීමට සූදානම්වීමය. එහෙත් මේ පිළිබඳ කලින් හඳුනා එයට පිලියම් යෙදීම හෝ කපා ඉවත් කිරීම තුලින් සුවපත් කළ හැක.
දේශපාලනයේදී හොඳ මිනිස්සුන්වත්, නරක මිනිස්සුන්වත් නැත. එමෙන්ම දේශපාලනයේදී සදාකාලික මිතුරන්වත්, සදාකාලික සතුරන්වත් නොමැති බව අප දනිමු. අසා ඇත්තෙමු. එහෙත් අප දකින්නේ ලාංකීය දේශපාලනය තුළ දෙබිඩ්ඩන් නොසිටිය යුතු බවය. එමෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් නම් එය යහපත් විය යුතුය. ගොඩ වැඩි කරගැනීම හෝ බලය ලබාගැනීමට ප්රතිපත්ති පාවාදීම හෝ ජනතාවට බොරුකිරීමට කිසිවෙකුටත් අයිති නැත. එලෙස සිදුවන්නේ නම් පවතින දේශපාලන ධාරාවෙත්, බලාපොරොත්තු වන දේශපාලන ධාරාවෙත් ඇතිවෙන වෙනසක් නොමැත.
පුන පුනා ප්රකාශ කළ යුතු කරුණක් වන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දේශපාලන ගමන් සඟයන් කිසිවෙක්, හොරුන්, තක්කඩියන්, මංකොල්ලකාරයින්, ස්ත්රී දූෂකයන්, දෙබිඩ්ඩන් නොසිටිය යුතුය යන්නය.
ගමන වෙහෙසකර අමාරු වුවත් සිදුවිය යුත්තේ එයයි. එහෙත් මේ කිසිවක් නොතකා ජෙනරාල්, රංගෙලා, පාලිතලා සමඟ තවදුරටත් ගමන් කරන්නේ නම් ජෙනරාල් සරත් ෆොන්සේකාට දෙවියන්ගේම පිහිටයි! යනුවෙන් පමණක් අපට කිවහැක.
-බුද්ධික ප්රියංකර වික්රමරත්න-
0 comments