වෙද්‍යවරු රු.90,000ක මූලික වැටුප් වැඩිවීමක් ඉල්ලයි

colombo morning | 4:50 PM | 0 comments


වෛද්‍යවරුන්ගේ මූලික වැටුප රුපියල් 90,000 දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු නොකළහෝත ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ගැනීමට වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

වැටුප් වැඩිකර ගැනීමට සරසවි ආචාර්යවරුන් ගෙනයන වැඩපිළිවෙළට සහය දක්වන්නැයි තම සංගමයට ආරාධනා කළහෝත ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන බව ද සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.

වැටුප් ප‍්‍රතිපත්තිය 1:12 අනුපාතයට වැඩි කළයුතු බවට තම සංගමය මුදල් කොමිසම සභාව හා මහා භාණාඩාගාරයට තාක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ අතර, තම ආයතන නියෝජිතයන් එය පිළිගත නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එයට අත්සන් නොකිරීමෙන් එය ක‍්‍රියාවට නැංවිය නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි හෙතෙම කීය. සෞඛ්‍ය ලේකම්වරයා මෙය පිළිගෙන අත්සන් නොකළහොත් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වි ඇති සෝදාපාලවුම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයටත් අත්වීම නොවැළැක්විය හැකි බව ද සංගමය අවධාරණය කර සිටී.

Category:

About GalleryBloggerTemplates.com:
GalleryBloggerTemplates.com is Free Blogger Templates Gallery. We provide Blogger templates for free. You can find about tutorials, blogger hacks, SEO optimization, tips and tricks here!

0 comments

Thank You
Colombo Morning News Team