රත්තරන් අලි බෙටි

colombo morning | 9:13 PM | 0 comments


කතරගම දෙවියන්ට අයත් බව කියන යාල ජාතික වනෝද්‍යානයට අයත් කැබිලිත්ත දේවාලය ආශ්‍රිතව "රත්තරන්" මතුවි ඇතැයි කියන ආරංචියක් නිසා කතරගම ප්‍රදේශයේ විශාල කුතුහලයක් හටගෙන තිබේ.

"රත්තරන්" මතුවේයයි කියන්නේ ඉල්ලමකින්හෝ මහ පොළොවෙන් නොව, දෙවොල ආශ්‍රිතව ඇති අලි බෙටි වලින් යයි ප්‍රකටය! එය විශේෂ අකාරයකි.
ඒ කතා පුවත මෙසේය.
කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන පිරිස් මේ දිනවල සියඹලා දේවාලය අවට වන අලීන් පරිසරයට මුදා හරනින අලි බෙටි අවුස්සා රත්තරං සෙවීමේ කටයුත්තක නිරතව සිටිති.
රත්නපුරයට සම්බන්ද මැනික් ව්‍යෘපාරික පිරිසක් මෙම කැබිලිත්ත ප්‍රදේශයට පසු ගියදා පැමිණියේ තම ව්‍යාපාර සරැවීම පිණිස භාරයක් වීම පිණිසයි. පස් දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ ගමනට පඅමිනී තිබු අතර කතරගමින් කපු මහතකුද කැටුව ගියේ පුද පුජා නිසි අයුරින් සිුද කිරිම පිණිසයි.
සියලුම දෙනා පලතුරැ පුජාවන් පිළියෙල කර දේවාලය පිහිටි සියඹලා ගස වෙත පැමිණි එහි ඇති ලී මැස්ස මත පුජා වට්ටි තබා සිය දේව පුජාව පවත්වා ඇත.
කපු තැන දේව පුජාව බන අතර එක් පුද්ගලයෙක් සිය කරේ තිබු පවුම් 4ක් වටිනා රං දම්වැල ගලවා දෙවියන්ට තැබු පුජා වට්ටියේ තැබුවේ මාලය පේකර ගැනීමේ අදහසින්ය
මාලය ගලවා පුජාවට තැබු සැණින් කපුතැන කරමින් සිටි සිය යාතිකාව නවතා  දමමින් "ඔන්න අලියා ආවා" කියා දිව යන්නට වු අතර පුජාවට සහභාගී ව්‍යාපාරික පිරිසද සිය පණ එපා කියා දිව ගියේ වියරැවෙන් එන දැවැන්ත අලිය දැකිම නිසයි.
සියඹලාව අසලට පැමිණි මෙම අලියා පලතුරැ සියල්ල ද කා දැමු අතර පිරිස රැගෙන ආ පුද පුජා ද්‍රව්‍ය කුඩු පට්ටම් කර දමා කැලයට ගියේය‍.
අලියා ගිය පසු එම ස්ථානයට පැමිණි පිරිස අලියා කළ විනාශය දැක කම්පා වු අතර පේවීමට තැබු පවුම් 4ක් වටිනා මාලයද අලියා පලතුරැ සමග කා දමා ඇති බව දැකගත් අතර අවට පරිසරයේ මාලය සොයා බැලිමක් කළත් හමුනොවු තැන පිරිස සිය ගම්බිම් බලා පිටත් වුහ.
මෙම රත්තරං මාලය සොයා යන එන සියලුම දෙනා දකින අලි බෙටි පහුරැ ගෑම සිදුකරනු ලබන්නේ පවුම් 4ක් වටිනා මාලය හමුවේයැයි සිතාය.
කේ.ඩී දේවප්‍රිය - කතරගම- ලක්බිම

Category:

About GalleryBloggerTemplates.com:
GalleryBloggerTemplates.com is Free Blogger Templates Gallery. We provide Blogger templates for free. You can find about tutorials, blogger hacks, SEO optimization, tips and tricks here!

0 comments

Thank You
Colombo Morning News Team