එජාප ආණ්ඩුවක් අත ලඟයි-සජිත්

colombo morning | 9:20 PM | 0 comments


නුදුරැ අනාගතයේදී එක්සත් ජාතික පක්ෂය නිසැකයෙන්ම මැතිවරණ ජයග්‍රහණයක් අත්පත් කර ගන්නා බවත් පසුගිය මහ මැතිවරණයට වඩා මෙවර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාමෙන් ඒ බව තහවුරැ වන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ‍ප්‍රේමදාස පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබෙන අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්වේ.
උතුරැ - මැද, සබරගමු සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිය වටිනා ඡන්දය ලබා දුන් ජනතාවටත්, එකී මැතිවරණවලට ඉදිරිපත් වෙමින් පක්ෂය දිනවීම පිණිස කැපවුණු අපේක්ෂක කණ්ඩායම් වල සාමාජික සමාජිකාවන්ටත්, සුපුරැදු පරිධි සංවිධාන කටයුතු සදහා සක්‍රීය දායකත්වය ලබාදුන් ක්‍රියාකාරීන්ටත්, පාක්ෂික ප්‍රජාවටත්, පොදු මහ ජනතාවටත් මගේ ප්‍රණාමය පළ කර සිටිමි.
මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේ දි පක්ෂ යට කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්පත් වී නොමැති ව බව  පෙනී ගියත්. ඉකුත් මහ මැතිවරණය හා සැසිදිමේ දී පැහැදිලි ඡන්ද වර්ධනයක් සිදු වි ඇති බව සත්‍යය යි. ඒ අනුව තවමත් බලාපොරොත්තු පෙරදැරිව පක්ෂයේ ජයග්‍රහණය අපේක්ෂා කරන විශාල  ජනතාවක් සිටින බව බැහැර කල නොහැකි යථාර්ථයයි. ඉදිරියේ දී පැවැත්විමට නියමිත සෙසු පලාත් මැතිවරණ ක්‍රියාවලීයේ දී මෙය තවදුරටත් වර්ධනය වනු ඇත.
කෙසෙ වෙතත් ඡන්ද ප්‍රතිශතය 50% ඉක්මවා යන ඉලක්කයක් සපුරාලන තුරැ අපට අවංකව සතුටු විය නොහැකි බව ද වටහා ගතයුතුය. ඒ ඉලක්කය සපුරා ගැනීමේ ලා මාගේ කාර්යභාරය දිවි පරදුවට තබාහෝ ඉටු කිරීමට සුදානම් බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
මැතිවරණ ක්‍රියාදාමය පිළිබදව පොදුවේ කවර හෝ කලකිරීමකින් යුතුව ඡන්දය ප්‍රකාශ නොකළ ප්‍රමාණය මෙම පළාත් සභා මැතිවරණයේ දී ඉහළ ගොස් ඇති බව පෙනී යයි. ඒ අතර එක්සත් ජාතික පක්ෂයට ලැදි එහෙත් පසුගිය වකවානුවේ පැවැති මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ නොකළ විශාල පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පෙළඹවීමට අපට හැකි විය.මෙය බොහෝ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල දී අප අත්පත් කරගත් ජයග්‍රහණයකි. මෙවර අපට ගම් මට්ටමේ, බිම් මට්ටමේ හා නගර මට්ටමේ ජනතාව හා වඩාත් වැඩි සබදතාවක් ගොඩනගා ගැනීමට හැකි වීම ඊට ආසන්නතම හේතුව යි.
ආණ්ඩුව පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයන්ගේ බලපුළුවන්කාරකම්, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතය හා අසමතුලිත මාධ්‍ය භාවිතය හමුවේ ඉතා අසීරැවේන් හා ඉවසීමේන් යුතුව කටයුතු කරමින් අපේ අපේක්ෂයෝ අඩු සම්පත් දායකත්වයකින් යුතුව ජනතාවය අතරටම ගිය හ. ඔවුන් දිරිමත් කරමින් ගම් හා නගර මට්ටමේ රැස්වීම් 250කට නොඅඩු ගණනක් ඇමැතීමටත්, ඒ ඔස්සේ සංවේදී ජනතාව දැනුවත් කිරීමටත් පෞද්ගලිකව ම ලැබුණු අවස්ථාව භාග්‍ය යක් සේ සලකමි.
ඉදිරි පළාත් සභා මැතිවරණ ද තට්ටු මාරැ ක්‍රමයට පවත්වා එක්සත් ජාතික පක්ෂය 'හති වැට්ටවීමට' හැකි වෙතැයි ආණ්ඩුව අනුමාන කරනවා විය හැකිය. එහෙත් මැතිවරණ දෙක තුන බැගින් නොව වරකට එක බැගින් තබා හෝ අභියෝග කළත්එලැඹිය හැකි බාධා සහ දුක් කම්කටොලු පසෙක ලා ඒවාට නොපැකිළවහා ශක්තිමත්ව මුහුණ දීමට අප සුදානම් ය .කවර හෝ මැතිවරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් වසරේ දින 360 තුණම දිවා - රෑ නොතකමින් ලෙයින්, දහඩියෙන් ඕනෑම ආකාරයක කැප කිරීමකට අප පසුබට නෙවන බවද එහිලා වැඩිදුරටත් අවධාරණය කිරමු.

Category:

About GalleryBloggerTemplates.com:
GalleryBloggerTemplates.com is Free Blogger Templates Gallery. We provide Blogger templates for free. You can find about tutorials, blogger hacks, SEO optimization, tips and tricks here!

0 comments

Thank You
Colombo Morning News Team