සෞඛ්‍ය ඇමතිතුමනි!ඇස් රෝහළ දෙස ඇස් ඇරල බලන්න.
ඇමතිතුමනි, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය නගා සිටුවීම සදහා ඔබ තුමන් ප්‍රධාන රජය කෙතරම් උත්සහ කළද රජයේ සමහර ආයතන වල සේවකයන් විසින් කරගෙන යනු ලබන අකටයුතුකම් නිසා දුප්පත් මහජනතාව බලවත් අසීරැවකට පත්වන බව කිව යුතුය.
ඊට සළු උදාහණයක් ලෙස මම මෙම ප්‍රවෘත්ති ලිපිය ඔබ තුමන් වෙත ලියමි.
මම දුප්පත් වඩු කාර්මිකයෙක්මි. පසුගිය 24 වැනිදා මගේ ඇසට ලී කෑල්ලක් වැදිණි. ඉන් පසු මම ඇස් රෝහල ගියෙමි. කීපවරක්ම ගිය පසු අගෝස්තු 2දා සැත්කම් සදහා රෝහලට ඇතුල් වෙන ලෙස මට කීවේය. ඉන් පසු රැ.15,000ක් ගෙවා කාචයක්ද, රැපියල් 4200ක් ගෙවා ජෙල් ටියුබි එකක්ද, තවත් රැපියල් 10,000ක් ගෙවා තවත් බෙහෙත් වර්ගයක් මිලට ගෙන මම අගෝස්තු 2 වැනිදා කොළඹ ඇස්වාට්ටුවේ 11 වැනි වාට්ටුවට ඇතුළු වුණෙමි.
මේ වන විට මා සැත්කමට සුදානම් කර තිබු අතර ඉහත කී ද්‍රව්‍ය අඩංගු කුඩා මල්ලක් වැනි යමක් මගේ බෙල්ලේ එල්ලන ලදී. සැත්කම සදහා මා ශල්‍යගාරයට ගෙන යාමට සුදානම්ව සිටියදී මුඛවාඩමක් බැදගත් කෙනෙකු පැමිණ (හදුනාගැනීමට නොහැක) මගේ බෙල්ලේ එල්ලා තිබු මල්ලට එක වරම අත දමා එහි තිබු රැපියල් 4200 වටිනා ජෙල් ටියුබි එක රැගෙන ගියේය. තවත් සුළු මොහොතකින් මුඛවාඩමක් බැදගත් අයෙක් පැමිණ මගේ "පුංචි මල්ලට" අර ජෙල් ටියුබ් එකයැයි සිතිය හැකි යමක් දමා ගියේය. ඊට ටික වේලාවකින් තවත් කෙනෙක් පැමිණ "අද ඔයාගේ ඔපරේෂන් එක කරන්න බැහැ" ඊට වඩා හදිස්සි කට්ටිය ඉන්නවා...වෙන දිනයක් ඉල්ලගෙන දැන් ගෙදර යන්න කියා කිව්වා.
ඉන් පසු මම යළිත් එහි දොස්තර මහතා ළගට ගොස් "දැන් මම මොකද කරන්නේ" ඔහුගෙන් ඇසුවෙමි. ඔහු කිව්වා ඔයා මිලට අරන් ආපු බඩු සියල්ලම ඔයා මිලට අරන් ආපු බඩු සියල්ලම ආපසු ගිහින් ඒ තැන්වලටම දීලා මිලක් ඉල්ලගෙන ගෙදර යන්න කියලා.
ඒ අනුව කාචයත් අර රැපියල් 10,000ක් වටිනා බෙහෙතත් ඒවා මිලට ගත් තැන්වලටම දී. ජෙල් එක දීමට එය මිලට ගත් තැනට ගියෙමි. එවිට එහි සිටිය කෙනෙක් මේ ජෙල් එකක පරණ එකක්....මේක ඔයා අරගෙන ගිය එක නොවෙයි...මේකේ ගෑනු කෙනෙකුගේ නමක් ලියා තිබෙනවා කියා එය බාර ගත්තේ නැහැ. ඉන් පසු මම යලිත් ඇස් වාට්ටුවට ගොස් දොස්තර මහතාට ඒ බව කිව්වා. එවිට මට දැන ගන්නට ලැබුණා මා වැනි අසරණ ලෙඩ්ඩුන් ඇස්වාට්ටුවට ගියාම එහි අය අර රැපියල්4200ක් වටිනා ජෙලි ටියුබ් අරගෙන ගිහින් මහා පරිමාණයෙන් හොර ජාවාරම් කරන බව. කරැණාකර මේ හොර ජාවාරම් නවත්වන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලමි.
Category: BLACK-AND-WHIT








0 comments