ශ්‍රී ලංකාවේ වන්දනා කරැවන්ට ඉන්දියාවේදී එල්ල වු ප්‍රහාරය තරයේ හෙළා දකිමු!

colombo morning | 5:16 PM | 0 comments


එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිකුත් කළ නිවේදනය

ශ්‍රී ලංකාවේ වන්දනා කරැවන්ට ඉන්දියාවේදී එල්ල වු ප්‍රහාරය තරයේ හෙළා දකිමු. පසු ගිය දින කිහිපය තුළම අපේ වන්දනා පිරිසකට තමිල්නාඩුවේදී නොයෙක් ආකාරයේ හිරිහැර හා කරදර වලට මුහුණ පෑමට සිදු වු බව වාර්තා වේ.


මීට පෙරද අපේ ක්‍රීඩකයන්ට මෙන්ම හමුදා පුහුණුව ලැබීමට ඉන්දියාවට ගිය නිළධාරීන්ටද බොහෝ අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදු විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර පිරිසක්ද මේ වන විටත් බොහෝ තර්ජන වලට මුහුණ දෙමින් සිටි. මෙය ඉතා භයානක තත්ත්වයකි. මෙසේ ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදු වී ඇති ඉරණම වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.

ශ්‍රි ලංකාවේ බලයට පත් සෑම ආණ්ඩුවක්ම ඉන්දියාව සමග රාජත්‍රාන්තික සම්බන්ධතා හා මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට ක්‍රියා කළද වත්මන් ආණ්ඩුවේ වැරදි රාජ ත්‍රාන්තික ක්‍රම වේදයෙන් බැට කෑමට සිදු වී ඇත්තේ අහිංසක ශ්‍රී ලංකා වාසීන්ටය.

රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට අවනීතියෙන් විසදුම් සොයනා මෙන්ම රාජ ත්‍රාන්තික ප්‍රශ්නවලට විසදුම් සෙවිය නොහැකි බව ආණ්ඩුවට සිහිපත් කර සිටිමු.

ඉන්දියාවේ සංචාරයේ නිරත වන ශ්‍රී ලංකා ජනතාවගේ ආරක්ෂාව තහවුරැ වන සහතිකයක් ඉන්දිය රජයෙන් හා තමිල්නාඩු ප්‍රාන්තයෙන් ලබා ගැනීමට  වහාම ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවත් ඉන්දියව සමග තිබෙන රාජත්‍රාන්තික සබධතා වැඩි දියුණු කර ගැනීමට නිසි පියවර ගත යුතු බවත් අවධාරණය කරමු.

රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතාවන් හා රාජ්‍ය ත්‍රාන්තික වශයෙන් පිළිපැදිය යුතු ක්‍රමවේද නිසි ආකාරයෙන් සිදු නොකොට ආණ්ඩුව දියත් කරමින් සිටින වැරදි විදේශ ප්‍රතිපත්ති ක්‍රමවේදය හමුවේ ඉදිරියේදී ශ්‍රී ලංකාව බොහෝ ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදු වන බවද සිහිපත් කරමු.

එම නිසා විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරැ කිරීමට වහාම ආණ්ඩුව ක්‍රියාකළ යුතු බවද පෙන්වා දෙන්නෙමු.

2012.09.05

Category:

About GalleryBloggerTemplates.com:
GalleryBloggerTemplates.com is Free Blogger Templates Gallery. We provide Blogger templates for free. You can find about tutorials, blogger hacks, SEO optimization, tips and tricks here!

0 comments

Thank You
Colombo Morning News Team